රජයේ ආයතනවලින් ගත් වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නැවතත් එම ආයතනවලට ම පැවරේ (ඡායාරූප)

පසුගිය සමයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්‍යාලයට රැගෙනවිත් තිබූ වාහන නැවත එම ආයතනවලට භාරදීම සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ අද (01) පස්වරුවේ එවැනි සුඛෝපභෝගී පන්නයේ වාහන 19ක් නිදහස් කිරීමට කටයුතු කෙරුණු බවයි පැවසෙන්නේ.

ඉන් වාහන 15ක් පමණ පූර්ව දැනුම්දීමකට අනුව එම ස්ථානයට පැමිණි අදාළ ආයතනවල නිලධාරීන් විසින් ම අද දිනයේ දී රැගෙන යනු ලැබුවා.

මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගත් වාහන 08ක්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාගත් වාහන 03ක්, දකුණු පළාත් සභාවෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුවෙන් ගත් එක් වාහනයක් බැගින් සම්පූර්ණ වාහන 15ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

මෙම අවස්ථාවට ජනාධිපති කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ ඇතුළු පිරිසක් එක් ව සිටියා.

WhatsApp Image 2024 10 01 at 18.07.36
WhatsApp Image 2024 10 01 at 18.07.35 1
WhatsApp Image 2024 10 01 at 18.07.35
  1. අඩේ මොනවද වෙන්නෙ… අපිට රෙදි ඇදන් පාරේ බැහැලා යන්න තියපන්… උබලා වෙනුවෙන් පෝස්ට් කියක් කියලා ශෙයාර් කලාද…