අන්ධභාවයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලාපොරොත්තුවක්

තාක්ෂණික දියුණුවේ වේගවත් බව සමඟ සෑම ගැටලුවකටම පාහේ විසඳුම් සොයාගැනීමට ලෝකය පෙළඹී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විසින් ලොව ප්‍රථම බයෝනික් ඇස සංවර්ධනය කිරීමත් සමඟ අන්ධභාවයට ප්‍රතිකාර කිරීමේ ඉදිරි පියවරක් තබන්නට මේ වනවිට සමත්ව අවසන්.

‘Gennaris Bionic Vision System’ ලෙස හඳුන්වන මෙම නවෝත්පාදනය අන්ධභාවයෙන් පෙළෙන මිලියන සංඛ්‍යාත මිනිසුන්ට බලාපොරොත්තුවක් එක්කරන නව නිෂ්පාදනයක්.

එය පෙනීම නැති වූ පුද්ගලයින්ට නැවත පෙනීම ලබාදීම සඳහා නිර්මාණය කර ඇති; අති නවීන තාක්‍ෂණික උපකරණයක් වන අතර, එය ප්‍රතිකාර කළ නොහැකි අන්ධභාවයට ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් සිදුකිරීමට සූදානමින් සිටිනවා.

දශකයකට ආසන්න පර්යේෂණ හා සංවර්ධනවල ප්‍රතිඵලයක් වන මෙම බයෝනික් ඇස සාමාන්‍යයෙන් ඇස්වල සිට මොළයට දෘශ්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරන හානියට පත් දෘශ්‍ය ස්නායු මඟ හැරීමෙන් ක්‍රියා කරනවා.

ඒ, වෙනුවට, එය මොළයේ දෘශ්‍ය මධ්‍යස්ථානයට කෙලින්ම සංඥා යවන අතර, පරිශීලකයින්ට රූප වටහා ගැනීමට ඉඩ සලස්වනවා.

සත්ත්ව අධ්‍යයනයන්හි ප්‍රතිපල ලබාගැනීමෙන් පසුව, බයෝනික් ඇස දැන් මෙල්බර්න් හි සිය පළමු මානව සායනික අත්හදා බැලීම් සඳහා සූදානම් වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

බැටළුවන් යොදාගෙන සිදුකළ අත්හදා බැලීම්වලදී, තාක්ෂණය අවම ඍණාත්මක බලපෑම් සහිතව මොළයට සාර්ථකව බද්ධ කරන තිබෙනවා.

වැඩි දියුණු කරන ලද මෙම තාක්‍ෂණයේ හරය මොළයට රටා සහිත විද්‍යුත් උත්තේජනයක් ලබා දෙන රැහැන් රහිත බද්ධ කිරීමක් බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

මොළයේ මතුපිට තැන්පත් කරන කුඩා විද්‍යුත් ස්පන්දන සමඟ මොළයේ සෛල උත්තේජනය කිරීම සඳහා රැහැන් රහිතව වැඩසටහන්ගත කිරීමේ හැකියාව මෙයට පවතින අතර, එය දෘශ්‍ය බාහිකයේ ස්ථානගත වූ විට, සංචලනය සහ වස්තු හඳුනාගැනීම වැනි කාර්යයන් සඳහා මූලික හැඩතල සහ දළ සටහන් අවබෝධ කර ගැනීමට ග්‍රාහකයින්ට ඉඩ සලසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39