AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

“දරුවන් රැකගමු – සමසේ සලකමු” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් වන ජාතික වැඩසටහන අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සුහුරුපායේ දී අද (01) පැවැත්වෙනවා.

ඊට අමතරව දරුවන් වෙනුවෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර අදට දී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් අවුරුදු 12න් පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වොද්‍යානය සහ හම්බන්තොට සෆාරි උද්‍යානය අවුරුදු 12ට අඩු ළමුන්ට ගාස්තු ය කිරීමකින් තොරව අද නැරඹීමේ හැකියාව පවතිනවා.

මේ අතර අදට යෙදී ඇති වැඩිහිටි දිනය වෙනුවෙන් ද දිවයින පුරා විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?