ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට යෙදී තිබෙනවා.

“දරුවන් රැකගමු – සමසේ සලකමු” යන්න මෙවර ලෝක ළමා දිනයේ තේමාවයි.

මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් වන ජාතික වැඩසටහන අද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සුහුරුපායේ දී අද (01) පැවැත්වෙනවා.

ඊට අමතරව දරුවන් වෙනුවෙන් දිවයින පුරා විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර අදට දී ඇති ලෝක ළමා දිනය වෙනුවෙන් අවුරුදු 12න් පහළ සියලු ළමයන්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සඳහා අවස්ථාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි සුරැකුම් මධ්‍යස්ථානය, පින්නවල සත්වොද්‍යානය සහ හම්බන්තොට සෆාරි උද්‍යානය අවුරුදු 12ට අඩු ළමුන්ට ගාස්තු ය කිරීමකින් තොරව අද නැරඹීමේ හැකියාව පවතිනවා.

මේ අතර අදට යෙදී ඇති වැඩිහිටි දිනය වෙනුවෙන් ද දිවයින පුරා විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් රැසක් සංවිධානය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි විපක්ෂයට ආශිර්වාද කරනවා - නලින්ද විපක්ෂයට දාපු කින්ඩිය
07:42
Video thumbnail
උලමා සංවිධානය හමුවෙන්න ගිය නීතිඥ සංගමයේ සභාපති කිව්ව දේ - අපි සම්පූර්ණයෙන් විරුද්ධයි
04:53
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ
01:15
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු
02:13
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
00:51
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51