AFC Banner
Empty Ad
Empty Ad

පස් හැවිරිදි දියණිය හැන්දක් රත්කර පිළිස්සූ මව රිමාන්ඩ්

ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරය පිළිස්සූ මවක් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඒ, සැකකාර මව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට උරණ වී මව විසින් මෙලෙස ඇයව පුළුස්සා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිළිස්සුම් තුවාල සහිතව දැරිය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

රත් කළ තෙල් ශරීරයට විසි වී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී ඇති බවයි දැරියගේ පියා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ.

සැකකාර මව මහනුවර, නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?