පස් හැවිරිදි දියණිය හැන්දක් රත්කර පිළිස්සූ මව රිමාන්ඩ්

ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරය පිළිස්සූ මවක් ලබන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහනුවර අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

ඒ, සැකකාර මව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඊට උරණ වී මව විසින් මෙලෙස ඇයව පුළුස්සා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පිළිස්සුම් තුවාල සහිතව දැරිය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

රත් කළ තෙල් ශරීරයට විසි වී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී ඇති බවයි දැරියගේ පියා පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ.

සැකකාර මව මහනුවර, නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේගේ බිරිඳ කළ ප්‍රබල හෙළිදරව්ව - "මගේ බබාලා පස්සේ ඇවිත් කරදර කරන එක ඉතා අසාධාරණයි"
02:30
Video thumbnail
සලේගේ නෝනාගේ පස්සෙන් යන මේ අභිරහස් මනුස්සයා කවුද..?
07:44
Video thumbnail
අපිට නිවසක් දෙනකම් අපි මාරාන්තික උපවාසයක් කරනවා
02:45
Video thumbnail
ලාල්කාන්තලා, සරත්ලා තමයි කසිප්පුකාරයෝ, ගංජාකාරයෝ - රෙදි නැතුව යන්න ගමට වරෙල්ලා උඹලා
10:30
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16