AFC Banner
Empty Ad
Empty Ad

ශිෂ්‍යත්වය යළි තියන්න – දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය වටලයි (වීඩියෝ)

ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් දරුවන් පිරිසකගේ දෙමව්පියන් අද (30) උදෑසන අධ්‍යාපන අමාත්‍යංශයේ පිවිසුම් දොරටු අවහිර කරමින් උද්ඝෝෂණය නිරත වුණා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරතව සිටියා.

කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කළේ ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා ගැටලුකාරී ප්‍රශ්න තුනට ම සියලු දරුවන්ට ලකුණු ලබාදීමටයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ එම තීරණය සම්බන්ධයෙන් දෙමව්පියන් ලෙස සෑහීමකට පත් නොවන බවයි උද්ඝෝෂණයේ නිරත දෙමව්පියන් පැවසුවේ.

අනුව ඔවුන් ඉල්ලා සිටින්නේ නැවත 2024 වසරට අදාළ ශිෂ්‍යත්ව විභාගය පවත්වන ලෙසයි.

මෙම උද්ඝෝෂණයත් සමඟ පොලිස් කැරලි මර්ධන ඒකකය ද අධ්‍යාපන අමාත්‍යංශ අසලට කැඳවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?