සා.පෙළ මුල් විශිෂ්ටයින් දස දෙනාගෙන් නවයක්ම ශිෂ්‍යාවන් – පළමු තැන ගාල්ලට (වීඩියෝ)

2023 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.

එම විභාග ප්‍රතිඵලවලට අනුව 75.72%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

එමෙන්ම 2.21%ක ප්‍රමාණයකට කිසිඳු විෂයක් හෝ සමත්වීමට නොහැකි ඇති බව සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා 13,309 දෙනෙකු A සාමාර්ථ නවය බැගින් ලබාගෙන ඇති බවයි සඳහන් කළේ.

2023 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුනි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබෙනවා.

දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුලුනි මෙත්සල ශිෂ්‍යාව සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී ශිෂ්‍යාවටයි හිමිව ඇත්තේ.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ සිව්වන ස්ථානයට සිසුවියන් තිදෙනෙකු පත්ව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර ප්‍රතිඵල අනුව පළමු ස්ථාන දහයෙන් ස්ථාන නවයක්ම ශිෂ්‍යාවන් විසින් හිමිකරගෙන තිබෙනවා.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඔක්තෝබර් 01 වනදා සිට 14 දක්වා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

02 8


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉතිහාසයේ බිහිවෙච්ච පහත්ම ආණ්ඩුව මේක - තව ටික කාලයයි උඹලට බලය තියෙන්නේ
05:44
Video thumbnail
රුමේෂ් තරංගගේ දිණුමත් සමඟ පවුලේ අය සතුට සමරපු හැටි - දක්ෂතාව මීටර 92.07ක්
02:26
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15