AFC Banner
Empty Ad
Empty Ad

සා.පෙළ මුල් විශිෂ්ටයින් දස දෙනාගෙන් නවයක්ම ශිෂ්‍යාවන් – පළමු තැන ගාල්ලට (වීඩියෝ)

2023 වර්ෂයේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) රාත්‍රියේ විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා.

එම විභාග ප්‍රතිඵලවලට අනුව 75.72%ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ.

එමෙන්ම 2.21%ක ප්‍රමාණයකට කිසිඳු විෂයක් හෝ සමත්වීමට නොහැකි ඇති බව සඳහන් කළ විභාග කොමසාරිස් ජනරාල්වරයා 13,309 දෙනෙකු A සාමාර්ථ නවය බැගින් ලබාගෙන ඇති බවයි සඳහන් කළේ.

2023 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පළමු ස්ථානය ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුනි මල්ෂා කුමාරතුංග ශිෂ්‍යාව විසින් හිමිකරගෙන තිබෙනවා.

දෙවන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයේ කුලුනි මෙත්සල ශිෂ්‍යාව සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ විමන්සා ජයනදී ශිෂ්‍යාවටයි හිමිව ඇත්තේ.

එමෙන්ම මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ සිව්වන ස්ථානයට සිසුවියන් තිදෙනෙකු පත්ව තිබීම ද විශේෂත්වයක්.

මේ අතර මෙවර ප්‍රතිඵල අනුව පළමු ස්ථාන දහයෙන් ස්ථාන නවයක්ම ශිෂ්‍යාවන් විසින් හිමිකරගෙන තිබෙනවා.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඔක්තෝබර් 01 වනදා සිට 14 දක්වා අයදුම් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

02 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
24
+1
4
+1
16
+1
4
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?