AFC Banner
Empty Ad
Empty Ad

යතුරුපැදිකරුගේ ගෙල කපා පසුපැදිකරු පළා ගිහින් – පසුපැදිකරුගේ සිරුරත් සොයාගෙන

යතුරුපැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදිකරුගේ ගෙල කපා දැමූ පුවතක් ගණේමුල්ල, පහළ යාගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එහිදී බරපතළ තත්ත්වයෙන් සිටි යතුරුපැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වදුරව ප්‍රදේශයේ පදිංචි සිටි 42 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

යතුරුපැදියේ ගමන් කරමින් සිටිය දී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුව ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා අපරාධය සිදුකිරීමෙන් පසු පළාගොස් ඔහු ද ගෙල කපාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගණේමුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?