AFC Banner
Empty Ad
Empty Ad

රියදුරාගේ නුවණ නිසා සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකෙයි (වීඩියෝ)

බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථයක් බොරලැන්ද සිට බණ්ඩාරවෙල දක්වා දාවනය කරන විටදී අනතුරකට ලක්ව තිබෙනවා.

අද (28) දින මෙම අනතුර සිදුව ඇති අතර එම බස් රථයේ පිටුපස රෝද දෙක ගැලවී ගොස් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 22ක් පමණ සිට ඇති අතර අනතුරෙන් කිසිවෙකුටත් කිසිඳු හානියක් සිදුවී නැහැ.

තිරිංගයන්හි සිදු වූ දෝෂයක් හේතුවෙන් සිදුකළ සොයා බැලීමේදී රියදුරා විසින් මෙම බස් රථයේ රෝද දෙකක් ගැලවී ගොස් ඇති බවට තහවුරු කරගෙන තිබුණා.

රියදුරාගේ සැලකිළිමත් භාවය හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?