තම දියණිය දූෂණයට ලක්ව ඇතැයි මිල්ලනිය පොලිසියට දෙමාපියන්ගෙන් පැමිණිල්ලක්

වයස අවුරුදු 13ක වූ තම දියණිය පසුගිය දිනක දූෂණයට ලක්ව ඇතැයි මිල්ලනිය පොලිසිය වෙත දෙමාපියන් විසින් පැමිණිල්ලක් කර ඇති බව මිල්ලනිය පොලීසිය සඳහන් කරනවා.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් වියේ පසුවන 13 හැවිරිදි සිසුවියක්.

පසුගිය 21 වන දින මැතිවරණය පැවැති දින රාත්‍රියේ මොරටුවේ සිට මිල්ලනිය වත්ත ප්‍රදේශයේ තම සීයාගේ මරණ ගෙදරට සහභාගි වී සිටිය දී ඇය අතුරුදහන්ව තිබුණා.

ඒ පිළිබඳව දෙමාපියන් ඇතුළු ඥාතීන් මුළු රාත්‍රිය පුරා සෝදිසි කර පසුව පොලිසියට දන්වා තිබෙනවා.

පසුව ඊයේ (26) දින ඇය මොරටුව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකු සමග සිටින බවට ලැබුණු තොරතුරක් මත දෙමාපියන් විසින් දැරිය සහ තරුණයා රැගෙන විත් මිල්ලනිය පොලිසියට භාර දී තිබුණා.

පසුව අනාවරණය වී ඇත්තේ, එම දැරිවිය සහ තරුණයා අතර කළක පටන් මිත්‍ර සබඳතාවක් තිබී ඇති බවයි.

පසුගිය සැප්තැම්බ‍ර් 11 වන දින මොරටුවේ පිහිටි තරුණයාගේ නිවසේ කිසිවෙක් නොසිටීම හේතුවෙන්; ඇයව නිවසට ගෙන්වාගෙන දූෂණයට ලක්කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මිල්ලනිය පොලිසිය මගින් දැරියව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඊයේ (26) හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දැරිය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනාව ලත් තරුණයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

දැරිය අපහරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මිල්ලනිය පොලිසිය මගින් සිදුකර ඇති අතර ස්ත්‍රී දුෂණය සම්බන්ධ පරීක්ෂණ සඳහා මොරටුමුල්ල පොලිසිය වෙත භාරදී ඇති බව‍යි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්තරන් පොරවාගෙන නාමල්ව බලන්න උසාවියට ආපු හිටපු බස්නායක නිලමේ
01:13
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
ඇදහැළුණු වැස්සත් එක්ක බණ්ඩාරවෙල නගරය යටවෙයි
00:42
Video thumbnail
කාන්තාවකට ජීවිතය අහිමි කළ අකුණු සැ# - කරේ තිබ්බ මාලෙට වැදිලා තියෙන්නේ
02:26
Video thumbnail
ඔයාලා පාර්ලිමේන්තුවට යනකොට ගඳක් එනවා නේද..?
01:52
Video thumbnail
ඉදිරි මාස 03ට ඩීසල් සදහා ඩීසල් සදහා ඉන්ධන සහනාධාරයක්
01:28
Video thumbnail
2029ට පෙර මේ ආණ්ඩුව පෙරළන්න බෑ
02:39
Video thumbnail
රත්මලාන කොතලාවලපුර ශ්‍රී විජිතාරාම විහාරස්ථානයට ගිය සජිත් ප්‍රේමදාස
07:01
Video thumbnail
රටට අවශ්‍ය ප්‍රදර්ශන බෞද්ධකම නොව ප්‍රායෝගික බෞද්ධකමයි
05:36
Video thumbnail
ජනාධිපතිගේ වැඩ දරාගන්න බැරුව හිතේ අමාරුවට කතා කියනවා
02:22