තම දියණිය දූෂණයට ලක්ව ඇතැයි මිල්ලනිය පොලිසියට දෙමාපියන්ගෙන් පැමිණිල්ලක්

වයස අවුරුදු 13ක වූ තම දියණිය පසුගිය දිනක දූෂණයට ලක්ව ඇතැයි මිල්ලනිය පොලිසිය වෙත දෙමාපියන් විසින් පැමිණිල්ලක් කර ඇති බව මිල්ලනිය පොලීසිය සඳහන් කරනවා.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ මොරටුමුල්ල ප්‍රදේශයේ පදිංචි පාසල් වියේ පසුවන 13 හැවිරිදි සිසුවියක්.

පසුගිය 21 වන දින මැතිවරණය පැවැති දින රාත්‍රියේ මොරටුවේ සිට මිල්ලනිය වත්ත ප්‍රදේශයේ තම සීයාගේ මරණ ගෙදරට සහභාගි වී සිටිය දී ඇය අතුරුදහන්ව තිබුණා.

ඒ පිළිබඳව දෙමාපියන් ඇතුළු ඥාතීන් මුළු රාත්‍රිය පුරා සෝදිසි කර පසුව පොලිසියට දන්වා තිබෙනවා.

පසුව ඊයේ (26) දින ඇය මොරටුව ප්‍රදේශයේ 19 හැවිරිදි තරුණයෙකු සමග සිටින බවට ලැබුණු තොරතුරක් මත දෙමාපියන් විසින් දැරිය සහ තරුණයා රැගෙන විත් මිල්ලනිය පොලිසියට භාර දී තිබුණා.

පසුව අනාවරණය වී ඇත්තේ, එම දැරිවිය සහ තරුණයා අතර කළක පටන් මිත්‍ර සබඳතාවක් තිබී ඇති බවයි.

පසුගිය සැප්තැම්බ‍ර් 11 වන දින මොරටුවේ පිහිටි තරුණයාගේ නිවසේ කිසිවෙක් නොසිටීම හේතුවෙන්; ඇයව නිවසට ගෙන්වාගෙන දූෂණයට ලක්කර ඇති බවයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මිල්ලනිය පොලිසිය මගින් දැරියව වෛද්‍ය පරීක්ෂණ සඳහා ඊයේ (26) හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

දැරිය අපහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනාව ලත් තරුණයා හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

දැරිය අපහරණය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ මිල්ලනිය පොලිසිය මගින් සිදුකර ඇති අතර ස්ත්‍රී දුෂණය සම්බන්ධ පරීක්ෂණ සඳහා මොරටුමුල්ල පොලිසිය වෙත භාරදී ඇති බව‍යි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?