සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ඉහළ තනතුරු දෙකක වෙනස්කම් සිදුව තිබෙනවා.
ඒ, අනුව සමගි ජන බලවේගයේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත්කර ඇති බව සඳහන්.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එම තනතුරෙන් ඉවත්වීමේ පසු පුරප්පාඩුව පැවති සභාපති තනතුර සඳහා මෙම පත් කිරිමර සිදුකර ඇති බවයි වාර්තා වුණේ.
ඊට අමතරව සමගි ජන සන්ධානයේ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත්කර තිබෙනවා.
සමගි ජන සන්ධානයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි.














These guys must be nuts.. still they are unable to ascertain their popularity and by getting into alliances with crooks they will further go down…🤣🤣