AFC Banner
Empty Ad
Empty Ad

ඥානසාර හිමියන්ගේ නඩු තීන්දුව නොවැම්බ‍ර් මාසයේ

මීට වසර අටකට පෙරදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාසයක් වන ආකාරයේ හා ආගමික සංහිඳියාවට බාධාවන ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කළ බවට චෝදනා ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් මස 14 දින ලබාදෙන බව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන අද (26) දින නියෝග කර තිබෙනවා.

2016 වසරේ ජූලි මස අටවෙනි දින හෝ ඊට ආසන්න දිනකදී කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී විත්තිකාර ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කර ඇති එකී ප්‍රකාශය දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තියට අනුව වරදක් බවද පැමිණිල්ල ගොනු කළ කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දී තිබුණා.

සිද්ධියට අදාළව ගොණුකර තිබෙන චෝදනා සනාථ කිරීමට තරම් සාක්ෂි පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් විත්තිකාර ඥානසාර හිමියන් නිදහස් කරන ලෙසද ජ්‍යෙෂ්ඨ නීතිඥ ගාමිණී අල්විස් මහතා අද (26) අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දෙපාර්ශවයේ දැක්වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරයා එම සිද්ධියට අදාළ තීන්දුව නොවැම්බර් මස 14 දින ලබා දෙන බවද එසේ දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?