AFC Banner
Empty Ad
Empty Ad

සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක අත්අඩංගුවට

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා අද (26) දින දින සැකපිට අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහෙස්ත්‍රාත් ලනස්ජි රත්නායක මෙනවිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරුට තරයේ අවවාද කර රුපියකල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදා හැර නඩුව ලබන මස (28) දින නඩුව කැදවිමට නියෝග කර තිබුණා.

නාවලපිටිය පොලිසිය වෙත ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නාවලපිටිය පොලිසිය පියවර ගෙන තිබෙනවා.

පැමිණිලිකාරිනිය විසින්ද සැකකරුට බැන තර්ජනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු නාවලපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර එම පැමිණිල්ල සම්බන්ධයෙන්ද විමර්ෂණයක් සිදු කර අධිකරණය හමුවේ කරුණු වාර්තා කරන ලෙසට නියෝග කල බවයි නාවලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරෙන්ද්‍ර කළුගම්පිටිය මහතා පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?