AFC Banner
Empty Ad
Empty Ad

නව ජනපති අනුර – කොමිසමෙන් දැනුම්දුන්නා – දිවුරුම්දීම බොහෝ විට හෙට ? (වීඩියෝ)

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලද තොරතුරු සහ දැනුම්දීම අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර ඇති බවත්, නව ජනාධිපතිවරයා දිවුරුම් දීම බොහෝ විට හෙට (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදුවීමට ඉඩකඩක් ඇති බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

මීට ටික වේලාවකට (22) පෙර සිය පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ; තම පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීම සඳහා රාත්‍රී 08ට එම පරිශ්‍රයට පැමිණීමට දැනුම්දී ඇති බවත් ඒ සඳහා පිටත්ව යාමට සියල්ල සූදානම් බවයි.

ප්‍රභූ පන්තියේ දේශපාලනය හමාර කර, සාමාන්‍ය ජනතාව පාලනය සිදු කරන ක්‍රමවේදයකට සිදු වූ සුවිශේෂී පරිවර්තනයක් ලෙස මෙම ජයග්‍රහණය තමන් හැඳින්වීම සුදුසු බවයි ජාතික ජන බලවේගය පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

මෙම ගමන අතිශය දුෂ්කර ගමනක් වූ අතර එහිදී සෑම අවස්ථාවකදී ම තම පක්ෂය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සටන් වැදි, අතහිත දුන් සියලුම දෙනාටත්, මනාප ලබා දී ජය මාවත වෙත යොමු කළ රටේ සියලු ම ජනතාවටත්, මාධ්‍යවේදී ඇතුළු සෙසු ප්‍රජාවටත් පක්ෂයේ ගෞරවය සහ ස්තුතිය පුද කරන බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

ලද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසත්; ජනයාට ලබා දුන් පොරොන්දු අනිවාර්‍යයෙන් ම සිදු කිරීමට බැඳී සිටින බවත් හෙතෙම කියා සිටියා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රතිශත අවම ප්‍රමාණයක පැවතීම හේතුවෙන් දෙවන මනාප ගණනයකට යොමු වූ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රාත්‍රී 08ට විශේෂ මාධ්‍ය හමුවක් ජනාධිපති කවුරුන් දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
4
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?