නව ජනපති අනුර – කොමිසමෙන් දැනුම්දුන්නා – දිවුරුම්දීම බොහෝ විට හෙට ? (වීඩියෝ)

මැතිවරණ කොමිෂන් සභාවෙන් ලද තොරතුරු සහ දැනුම්දීම අනුව මෙවර ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර ඇති බවත්, නව ජනාධිපතිවරයා දිවුරුම් දීම බොහෝ විට හෙට (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදුවීමට ඉඩකඩක් ඇති බවත් පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

මීට ටික වේලාවකට (22) පෙර සිය පක්ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ; තම පක්ෂයට මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය දැනුම්දීම සඳහා රාත්‍රී 08ට එම පරිශ්‍රයට පැමිණීමට දැනුම්දී ඇති බවත් ඒ සඳහා පිටත්ව යාමට සියල්ල සූදානම් බවයි.

ප්‍රභූ පන්තියේ දේශපාලනය හමාර කර, සාමාන්‍ය ජනතාව පාලනය සිදු කරන ක්‍රමවේදයකට සිදු වූ සුවිශේෂී පරිවර්තනයක් ලෙස මෙම ජයග්‍රහණය තමන් හැඳින්වීම සුදුසු බවයි ජාතික ජන බලවේගය පක්ෂ ප්‍රධාන ලේකම්වරයා පැවසුවේ.

මෙම ගමන අතිශය දුෂ්කර ගමනක් වූ අතර එහිදී සෑම අවස්ථාවකදී ම තම පක්ෂය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සටන් වැදි, අතහිත දුන් සියලුම දෙනාටත්, මනාප ලබා දී ජය මාවත වෙත යොමු කළ රටේ සියලු ම ජනතාවටත්, මාධ්‍යවේදී ඇතුළු සෙසු ප්‍රජාවටත් පක්ෂයේ ගෞරවය සහ ස්තුතිය පුද කරන බව ද ටිල්වින් සිල්වා මහතා සඳහන් කළා.

ලද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින ලෙසත්; ජනයාට ලබා දුන් පොරොන්දු අනිවාර්‍යයෙන් ම සිදු කිරීමට බැඳී සිටින බවත් හෙතෙම කියා සිටියා.

මේ අතර මෙවර ජනාධිපතිවරණයේ දී ප්‍රතිශත අවම ප්‍රමාණයක පැවතීම හේතුවෙන් දෙවන මනාප ගණනයකට යොමු වූ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද රාත්‍රී 08ට විශේෂ මාධ්‍ය හමුවක් ජනාධිපති කවුරුන් දැයි නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39