AFC Banner
Empty Ad
Empty Ad

ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කෙරෙන්නේ නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඇඳිරි නීති කාල සීමාව තුළ කිසිඳු අයුරකින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසනවා.

අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා පිටත්වයන පිරිසට තම රාජකාරී හැඳුනුම්පත ඒ සඳහා භාවිත කළ හැකි බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අද (21) රාත්‍රී 10.00 සිට හෙට අළුයම 06.00 තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවනු ලැබුවා.

ජනාධිපතිවරයා සතු බලතල ප්‍රකාරව මහජනතාවගේ ආරක්ෂාව පිණිස මෙලෙස ඇඳිරිනීතිය පැනවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඇඳිරිනීතිය පැනවීමට බලපෑ ආසන්නතම හේතුව වන්නේ අද පෙරවරුවේ සිට පස්වරුව දක්වා පැවති ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීමේ ක්‍රියාවලියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?