AFC Banner
Empty Ad
Empty Ad

සජබ පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියයයි

සමගි ජන බලවේගයේ පෝලිම් බූත් නියෝජිතවරයෙකු හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

රත්නපුර ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරිකු වන රත්නපුර නව නගරයේ ශ්‍රී සුමනගම පදිංචි එච්.ඩබ්.ඒ. වන්නි ආරච්චි මෙසේ මිය ගොස් තිබුණා.

මියයන විට ඔහු 69 වන වියෙහි පසුවූ බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිඳ පවසන්නේ රත්නපුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ඒ. ඒ. විජෙතුංග මහතාගේ ඉල්ලීමකට අනුව අද උදෑසන රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේ පෝලින් බූත් නියෝජිතයකු ලෙස සහභාගිවීමට ගොස් ඇති බවයි.

ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති අතර සිද්ධිය අද (21) උදෑසන 08.00 පමණ සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?