AFC Banner
Empty Ad
Empty Ad

ගංවතුර හේතුවෙන් ජපානයේ විශාල පිරිසක් ඉවත් කරයි

අධික වර්ෂාවත් සමග ඇති වූ විශාල ගංවතුර තත්ත්වයක් පිළිබඳව කාලගුණ අනාවැකිකරුවන් ජපානයට අනතුරු අඟවා තිබෙනවා.

එම හේතුවෙන් ජපානයේ නගර දෙකක පුද්ගලයින් 30,000ක් පමණ පිරිසක් ඉවත් කර ඇති බව‍යි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එහිදී වජිමා නගරයේ 18,000 කට පමණ සහ සුසු හි තවත් පුද්ගලයින් 12,000 කට හොන්ෂු දූපතේ ඉෂිකාවා ප්‍රාන්තයේ නවාතැන් ගන්නා ලෙස දන්වා තිබුණා.

ක්‍යෝඩෝ පුවත් වෙබ් අඩවිය විසින් වජිමා ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අයුරු දැක්වෙන පින්තූර ප්‍රකාශයට පත්කර තිබෙනවා

ජපානයේ කාලගුන විද්‍යා ඒජන්සිය විසින් අධික වැසි සහිත තත්ත්වයක් සහ හදිසි අවස්ථාවක් මෙන්ම ඉහළ අනතුරු ඇඟවීමේ මට්ටමක් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

ජපානයේ මහජන විකාශය වන NHK රාජ්‍ය නිලධාරීන්ගේ අදහස් උපුටා දක්වමින් කියා සිටින්නේ; ප්‍රාන්තයේ ගංගා 12ක ඉවුරු බිඳීගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?