AFC Banner
Empty Ad
Empty Ad

ඡන්ද දායකයින් වෙනුවෙන් කොමිසමෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්

එළඹෙන 21 වැනි දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය පිළිබඳ ව සියලු ම ඡන්ද දායකයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක පවසනවා.

අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා පැවසුවේ; මෙම වැඩසටහනෙහි පළමු අදියරය තුළින් පෝස්ටර් ව්‍යාපාරයක් හරහා ඡන්දය දෙන ක්‍රමවේදය, ඡන්දය භාවිත කිරීමට යන විට රැගෙන යා යුතු දේ, අනන්‍යතාව තහවුරු කිරීමට වලංගු හැඳුනුම්පත් කවරේද, ඡන්ද මධ්‍යස්ථානයක දී නොකළ යුතු දේ මොනවාද ආදි වැදගත් කරුණු රැසක් මේ යටතේ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

අද සිට එළඹෙන දින දෙක තුළ දී ද එම වැඩසටහන මාධ්‍ය මගින් කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් සිදු කෙරෙන බව ද සභාපතිවරයා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?