AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ ආරක්ෂාවට පොලිසියෙන් 63,000ක් – ජාත්‍යන්තර නිරීක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

එළඹන ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යෙදවීමට සැලසුම්කර ඇති බව පොලීසිය පවසනවා.

ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

අදාළ නිරීක්ෂනයින් හෙට (18) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත බැවින් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වීමට ද විශේෂත්වයක්.

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විටත් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව එම තේරීම්භාර නිලධාරීන් විසින් ලබන 20 වනදා අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රවර්ධන සහ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?