මැතිවරණ ආරක්ෂාවට පොලිසියෙන් 63,000ක් – ජාත්‍යන්තර නිරීක්ෂකයින් අද මැතිවරණ කොමිසමට

එළඹන ජනාධිපතිවරණයේ ආරක්ෂක රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යෙදවීමට සැලසුම්කර ඇති බව පොලීසිය පවසනවා.

ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන, ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යෙදවීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා පැමිණ සිටින ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) දිනයේ පැවැත්වීමට නියමිතයි.

අදාළ නිරීක්ෂනයින් හෙට (18) දිනයේ දී දිවයිනේ විවිධ ප්‍රදේශවලට නිරීක්ෂණ කටයුතු සඳහා පිටත්ව යාමට නියමිත බැවින් මෙලෙස මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් පැවැත්වෙනවා.

ජාත්‍යන්තර නිරීක්ෂකයින් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව මෙය වීමට ද විශේෂත්වයක්.

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්ද පෙට්ටි ලෙස යොදා ගැනීමට නියමිත කාඩ්බෝට් පෙට්ටි මේ වන විටත් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත යොමුකර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව එම තේරීම්භාර නිලධාරීන් විසින් ලබන 20 වනදා අදාළ ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත නිකුත් කිරීමට නියමිතයි.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ සියලුම ප්‍රවර්ධන සහ ප්‍රචාරණ කටයුතු හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15