Indian Premier League

තීරණාත්මක දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අදයි – Neil Brand ගෙන් ශතකයක්

දකුණු අප්‍රිකානු A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවට පත් වන විට සත්කාරකයින් කඩුලු 07ක් දැවී ලකුණු 316ක් ලබාගෙන සිටියා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර පළමු ව පිතිකරණයට අවස්ථාව දකුණු අප්‍රිකාව වෙත ලබා දුන්නා.

මෙම තරගය දකුණු අප්‍රිකාවේ බෙනොනි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඇරයුමෙන් සිය පළමු ඉනිමට ලකුණු රැස් කිරීම ඇරඹූ දකුණු අප්‍රිකානු A කණ්ඩායමේ නායක Neil Brand මේ වනවිට (16) නොදැවී ලකුණු 122ක් අතැතිව සිටිනවා.

කඩුලු දවා ගැනීමේ දී ශ්‍රී ලංකා A වෙනුවෙන් සොනාල් දිනූෂ කඩුලු 03ක්, එෂාන් මාලිංග කඩුලු දෙකක් සහ නුවනිඳු ප්‍රනාන්දු සහ ජනිත් ලියනගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

අද තරගයේ දෙවැනි දිනය වන අතර පළමු ටෙස්ට් තරගය කඩුලු 06කින් ජයගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?