හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.
ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉදිරියේදී මුරලි හට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මෙලෙස ඔහු රෝහල්ගත කර ඇති බව සඳහන්.
UPDATE 7.00
රෝහල් ගත කළ මුරලියේ සෞඛ්‍ය තත්ත්වය යහපත්
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළා.
රෝහල් ගත කිරීමෙන් පසු ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේවන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරු පවසන්නේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙලෙස රෝහල් ගතව ඇති බවයි.
සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයේ ඇතුළත් කරනු ලැබුවා.
මේ අතර පසුගිය 17 වනදා මුරලි සිය 49වන උපන්දිනය සමරනු ලැබුවා.