මුරලි ඉන්දියාවේ දී රෝහල් ගතකෙරේ

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. ඉදිරියේදී මුරලි හට සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබා ගැනීමට මෙලෙස ඔහු රෝහල්ගත කර ඇති බව සඳහන්.

UPDATE 7.00

රෝහල් ගත කළ මුරලියේ සෞඛ්‍ය තත්ත්වය යහපත්

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේවන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙලෙස රෝහල් ගතව ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයේ ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර පසුගිය 17 වනදා මුරලි සිය 49වන උපන්දිනය සමරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"නාමල්ව බලන්න යන්න ඕනේ.. 12 වැනිදා රැස්වීම අති සාර්ථක වෙයි"
00:31
Video thumbnail
රනිල් ආණ්ඩුව සැරටම අමතයි - රටේ කොහෙන්ද පාලනය වෙන්නේ l Ranil
06:28
Video thumbnail
අජිත් පී පෙරේරාට ඇවිල්ලා මගෙන් සමාව ගන්න කියන්න - මම මැරෙන්නත් බය නෑ
04:01
Video thumbnail
රට වටෙන්ම දේශපාලාන ප්‍රබලයෝ විශාල පිරිසක් සිරිකොතට එයි
03:48
Video thumbnail
සජබයේ කට්ටියක් සිරිකොතට - සජිත් වෙනුවෙන් තමයි මම ආවේ
02:19
Video thumbnail
කතා නොකරම ෂේප් එකේ මාරු වෙලා ගිය අකිල සහ පියල් නිශාන්ත..
00:21
Video thumbnail
නාමල්ව බලන්න යන්න අපිට අවශ්‍යතාවයක් නෑනේ
01:13
Video thumbnail
අපේ ආණ්ඩුව - 'වසර දෙකයි රටට සුබයි' | බුලත්සිංහල මහා ජන රැළිය
00:00
Video thumbnail
ජනාධිපතිතුමා එනවා කියලා බේරුවල මුහුදත් වහන්න හදනවා
04:18
Video thumbnail
රටම හඬවමින් මහ මුහුදේ අවසන් ගමන් ගිය නාවික සෙබලාගේ දේහය නිවසට
02:57