වෙනිසියුලා ජනපති ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට

රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කෙරෙන එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් සහ චෙක් පුරවැසියෙකු අත්අඩංගුවට ගත් වෙනිසියුලානු බලධාරීන් පවසනවා.

වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ කැබෙලෝ පසුවේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවයි.

එරට රජය පැවසුවේ රඳවාගෙන සිටින ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනා මැඩ්රිඩ්හි ජාතික බුද්ධි මධ්‍යස්ථානයට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤ රජයේ ආරංචි මාර්ග එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා බුද්ධි සංවිධානයට අයත් පුද්ගලයින් නොවන බවයි.

ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) මෙම මෙහෙයුම සඳහා නායකත්වය ලබාදෙන බවයි වෙනිසියුලාව චෝදනා කරන්නේ.

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ, උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ සහ පාලක පක්ෂයේ නායකයින් පිරිසක් ඝාතනය කිරීමට ඉතා පැහැදිලි අරමුණු වී ඇති බවයි වෙනිසියුලාව පවසන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වොෂින්ටනය, වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සඳහා අඛණ්ඩව සහාය දෙන බව පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02
Video thumbnail
රාජාංගනයේ මිනිස්සු එකතුවෙලා විනාශ වුණ ඇළ බන්ට් එක හදපු හැටි.."මිණි මුතු නෙවෙයි වටින්නේ එකමුතුකම"
07:53
Video thumbnail
මාර්ග පිරිසිදු වූ වහාම ලංගම බස් පාරට දාන්න ලංගම සභාපති පෙරට..අපි සප් එකක් දෙන්නම් ඔයලා දුවන්න ඕනි
02:02


?