වෙනිසියුලා ජනපති ඇතුළු රජයේ ප්‍රබලයින් පිරිසක් ඝාතන සැලැස්මක් – විදෙස් කුමන්ත්‍රණකරුවන් 06ක් අත්අඩංගුවට

රට අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කළ බවට සැක කෙරෙන එක්සත් ජනපද පුරවැසියන් තිදෙනෙක්, ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනෙක් සහ චෙක් පුරවැසියෙකු අත්අඩංගුවට ගත් වෙනිසියුලානු බලධාරීන් පවසනවා.

වෙනිසියුලානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ කැබෙලෝ පසුවේ මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් ඝාතනය කිරීමට සැලසුම් කරමින් සිටි බවයි.

එරට රජය පැවසුවේ රඳවාගෙන සිටින ස්පාඤ්ඤ ජාතිකයන් දෙදෙනා මැඩ්රිඩ්හි ජාතික බුද්ධි මධ්‍යස්ථානයට සම්බන්ධ බවයි.

කෙසේ වෙතත්, ස්පාඤ්ඤ රජයේ ආරංචි මාර්ග එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ ඔවුන් දෙදෙනා බුද්ධි සංවිධානයට අයත් පුද්ගලයින් නොවන බවයි.

ඇමරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) මෙම මෙහෙයුම සඳහා නායකත්වය ලබාදෙන බවයි වෙනිසියුලාව චෝදනා කරන්නේ.

වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ, උප ජනාධිපති ඩෙල්සි රොද්‍රිගස්, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩියෝස්ඩඩෝ සහ පාලක පක්ෂයේ නායකයින් පිරිසක් ඝාතනය කිරීමට ඉතා පැහැදිලි අරමුණු වී ඇති බවයි වෙනිසියුලාව පවසන්නේ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර, වොෂින්ටනය, වෙනිසියුලාවේ දේශපාලන අර්බුදයට ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් සඳහා අඛණ්ඩව සහාය දෙන බව පවසා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු රන්ගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
08:36:15
Video thumbnail
සාගරට එරෙහිව ස්වාමීන් වහන්සේලාගෙන් පැමිණිල්ලක් - මහ ජනතාව කුපිත කිරීමේ වැඩක් මේ
04:51
Video thumbnail
මහ වැස්සෙන් හගරන්ඔය පාලම කඩායාම නිසා ගම්මු අසීරුතාවයට - ජනාධිපති මාමේ පාලම ඉක්මනින් හදලා දෙන්න
07:28
Video thumbnail
ඇඟට පතට දැනෙන්න කතා කරපු නිසා ඔයාලා ජනාධිපතිවරණය දින්නේ - සජිත් කට උත්තර නැතිවෙන්න කියයි
15:57
Video thumbnail
කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන රනිල්
01:47
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට UNP කෘත්‍යාධිකාරි මණ්ඩලයට එන හැටි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59