කාන්තාවන් සවිබල ගැන්වීමේ ප්‍රධාන සැලැස්ම සැකසීමට 2025 දී ජාතික කාන්තා සමුළුවක්

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම පිළිබඳ ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට ලබන වසරේ දී කාන්තා සමුළුවක් කැඳවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

මෙරට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන් සවිබල ගැන්විම වෙනුවෙන් නව නීති ප්‍රතිසංස්කරණ රැසක් රජය පසුගිය දෙවසර තුළ සිදු කළ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

කොළඹ ගාලු මුවදොර හෝටලයේ ඊයේ (13) පැවති කාන්තා සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පලකළා.

මෙරට කාන්තාවන් වෙනුවෙන් යුක්තිය සහතික කිරීමට තමා තවදුරටත් කැපවී සිටින බව ද සඳහන් කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පසුගිය ආර්ථික අර්බුදය හමුවේ වැඩිම පීඩාවකට පත්වූයේ මෙරට කාන්තාවන් බව පෙන්වා දුන්නා.

ආර්ථික ගැටළු විසඳමින් සමස්ත කාන්තා පරපුරට සහනයක් ලබාදීමට හැකිවීම පිළිබඳ සතුටු වන බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

කාන්තා සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොඩනැගෙන මෙරට ආර්ථිකය තුළ කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03