ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිසන් මානව විරෝධීන් – ශුද්ධෝතම පාප් වහන්සේ

ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රධාන අපේක්ෂකයින් දෙපළම මානව විරෝධීන් බව ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.

නපුරු මතවාද හා ප්‍රතිපත්තිවලින් අඩු අපේක්ෂකයා වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස ඇමෙරිකානු ඡන්දදායකයින්ගෙන් උන්වහන්සේ ඊයේ විශේෂ ඉල්ලීමක් සිදුකළා.

පාප්තුමන් මෙම ඉල්ලීම කළේ සිය දොළොස් දින ගිනිකොනදිග ආසියානු චාරිකාව නිමකරමින් සිංගප්පුරුවේ සිට යළි වතිකානය බලා ගමන් කරමින් සිටින අතර තුර ගුවන් යානය තුළ පැවති මාධ්‍ය හමුවකදීයි

ජනපතිධුර අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති මානව පැවැත්මට එරෙහි බරපතළ පාපයක් බවත්, ජනපති සටනේ සිටින අනිත් අපේක්ෂිකාවවන කමලා හැරිස් යෝජිත ගබ්සා පනතට පක්‍ෂව කටයුතු කිරීම ද මනුෂ්‍ය පැවැත්මට එරෙහි බරපතල පාපයක් බවත් ශුද්ධෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරත් අවධාරණය කර සිටියා.

මවකගේ ගර්භාෂය තුළ පිළිසිඳ ඇත්තේ මිනිස් ජීව කලලයක් බැවින් එය විනාශකර දැමීම නොමේරු මිනිස් ජීවිතයක් ඝාතනය කිරීමේ ක්‍රියාවක් බවත් පාප්තුමන් තවදුරත් මෙහිදී අවධාරණය කර සිටියා.

ලොවපුරා විසිර සිටින බිලියන 1.4 ක්වූ කතෝලික ජනගහනයෙන් මිලියන 52ක් ඇමෙරිකානුවන්.

තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය භාවිත කරන ලෙසයි ශුද්ධෝතම පාප් වහන්සේ සමස්ථ ඇමෙරිකානු කතෝලිකයින්ගෙන් ඉල්ලා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වීමෝල් හිමියන්ට අපි දෙනවා පොලී රහිත ණයක්..මේක අනිවාර්යෙන්ම ගෙවන්න ඕනි
09:26
Video thumbnail
උසස් පෙළ ප්‍රශ්න පත්‍ර එළියට පිටවෙලාද? නාලක කළුවැව සියල්ල හෙළිකරයි
02:12
Video thumbnail
මම ආයේ මහනුවරින් ඡන්දේ ඉල්ලන්නෙ නෑ - ලාල්කාන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
05:26
Video thumbnail
මෙන්න කොල්ලෝ ඇවිත් අයිස් විසි කරන හැටි.."ලයිට් කණුව ගාවට මොනවදෝ විසිකළා..මට සැකයි"
02:32
Video thumbnail
පූජිත්ට සහ හේමසිරිට දුන්න තීන්දුව ගැන කියලා දිලීප පීරිස්ගෙන් සැර කතාවක් - මේ ඉන්නේ අපරාධකරුවන් එක්ක
13:17
Video thumbnail
මහවැලි, කොත්මලේ අපේ හදවත වගේ - ජීවිතයක ගාණ ලක්ෂ 50ක් දීලාවත් මනින්න බෑ
04:57
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළියට..පොටෝ වගයක් ලීක්වෙයි? - තවත් අවු:5ක් ඉන්නද හදන්නේ ?
07:04
Video thumbnail
සමථ මණ්ඩල ක්‍රියාත්මක වීමෙන් අධිකරණ පද්ධතියේ පීඩනය අවම කිරීමට හැකි - අපි ස්තූතිවන්ත වෙනවා
07:19
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි
01:09
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා
01:04