AFC Banner
Empty Ad
Empty Ad

සියලු මාධ්‍ය ආයතන වෙත මැතිවරණ කොමසාරිස් ජනරාල්ගෙන් දැනුම්දීමක්

එළඹෙන ජනාධිපතිවරණය අදාළ ඡන්ද ගණන් කිරීමේ කටයුතු දිවයින පුරා පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන 49ක දී සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ මෙම මධ්‍යස්ථාන 49 තුළ ඡන්දය ගණන් කිරීමේ ශාලා 1713ක් ක්‍රියාත්මකවන බවයි.

මේ අතර අවසරයක් නොමැතිව ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට උත්සාහ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත්කර ඇති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

එමෙන්ම මිනිසුන් අතර අනවශ්‍ය ආකාරයේ භිෂණය පතුරවන වෛරී ප්‍රකාශ ප්‍රචලිත කිරීම වැනි මිනිසුන්ගේ ජනමනසට ඍණාත්මක දේවල් සිදුවන කටයුතු කිරීමේ වැළකී සිටින ලෙසට මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?