ඉතාලියට පැන යාමට තැත් කළ සිරියානු ජාතිකයන් හත් දෙනා ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට

කූඨ ලෙස සකස් කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍ර භාවිතා කරමින් ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සාමාජිකයන් 07 දෙනෙකු අද (12) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සිරියාවේ වාසය කළ වැඩිහිටියන් තිදෙනකු සහ කුඩා දරුවන් සිව් දෙනෙකුගෙන් සමන්විත පවුල් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන් අද උදෑසන චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.- 282 දරණ ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් තම ගුවන් සේවා නිශ්කාශන කටයුතු නිමා කර ගුවන් තොටුපොළ විගමන කවුළු වෙත පැමිණ තිබූ අතර, එහිදී සේවය කළ ආගමන විගමන නිලධාරීන්ට ඇති වූ සැකය මත , මොවුන් ඉදිරිපත් කළ ලියකියවිලි ද සමග දේශසීමා ආවේක්ෂණ ඒකකය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.

එහිදී සිදු කළ තාක්ෂණික පරීක්ෂා කිරීම් වලදී මෙම ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බව තහවුරු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්පසුව මෙම සිරියානු ජාතිකයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීම් වලදී තමන් මෙම ගමන් බලපත්‍ර අමෙරිකාඅනු ඩොලර් 2,000 බැගින් තැරැව්කරුවෙකු වෙත ගෙවා තුර්කියේ දී සකස් කර ගත් බවට අනාවරණය වී තිබෙනවා.

මෙම ගමන් බලපත්‍ර පරිලෝකන යන්ත්‍ර ( Scaner Test ) , ඉලෙක්ට්‍රොනික් ගේට්ටු ( Electronic Gates ) වැනි නවීනතම පරීක්ෂා කිරීම් වලදී ද හසු නොවන ආකාරයට අධිතාක්ෂණික චිපයන් යොදා සකස් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙවැනි අධිතාක්ෂණික ගමන් බලපත්‍ර මුල් අවස්ථාවේ දීම හඳුනා ගැනීම ඉහළ වෘත්තීය පළපුරුද්ද සහිත කටුනායක ගුවන් තොටුපොළ තුළ සේවය කරන ආගමන විගමන නිලධාරීන්ට හැකි වීම ඔවුන්ගේ උසස් වෘත්තීය පරිනතභාවයේ නිදසුනක්.

මෙම සිරියානු ජාතිකයන් පිරිස මුළින්ම මැලේසියාව වෙත පැමිණ එතැනින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්පසුව ඔවුන් ඉන්දියාවට ගොස් එතැනින් ඉතාලිය වෙත පළා යාමට සැළසුම් කර තිබූ බව ආගමන විගමන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබුණා.

මෙම අත්අඩංගුවට ගැනීම සහ ඒ පිළිබඳ විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරීන් වන වයි.ඒ.එස්.ඩී.යාපා සහ ඩී.එස්.ඒ.දෙහිවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් සහ අධීක්ෂණය මත ආගමන විගමන නිලධාරීන් විසින් සිදුකර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගත් මෙම සිරියානු ජාතිකයන් පිරිස වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39