AFC Banner
Empty Ad
Empty Ad

අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (10) පස්වරුවේ පවතින රජයට එරෙහිව මෙන් ම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇතැම් කාරණා හා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී සිදු කළ විරෝධතාව මෙහෙයවීම හේතුවෙන් මොහුව අත් අඩංගුවට ගැනුණා.

කොටුව පොලිසිය විසින් සැකකාර චන්ද්‍රිජිත්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ 69 (අ) විධිවිධාන යටතේ මාර්ගයේ ගමන් කිරීම හෝ රථ වාහන ධාවනයට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ වරදටයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය පැමිණි අතර උද්ඝෝෂකයින් හා පොලිසිය අතර ද උණුසුම් වචන හුවමාරුවක් හටගත්තා.

එම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු ද මැදිහත් වෙමින් පැවසුවේ; මැතිවරණයක් ප්‍රකාශ කළ අවස්ථාවක විරෝධතා පැවැත්වීම සිදු කළ නොහැකි බැවින් වහාම විසිර යාමට කටයුතු කරන ලෙසයි.

කෙසේවෙතත් ඒ පිළිබඳව තැකීමක් නොකර විරෝධතාකරුවන් ගමන් කිරීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනුණා.

විරෝධතාව අතරතුර පොලිසිය විසින් කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති අයුරු දක්නට ලැබුණේ දෙපස මාර්ගයේ කඳුලු ගෑස් හා ජල ප්‍රහාරක රථ නවතා තිබීම හේතුවෙන්.

එවන් පසුබිමකදියි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොටුව ඉදිරිපිට රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
20
+1
1
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?