අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (10) පස්වරුවේ පවතින රජයට එරෙහිව මෙන් ම, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ ඇතැම් කාරණා හා, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී සිදු කළ විරෝධතාව මෙහෙයවීම හේතුවෙන් මොහුව අත් අඩංගුවට ගැනුණා.

කොටුව පොලිසිය විසින් සැකකාර චන්ද්‍රිජිත්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ 69 (අ) විධිවිධාන යටතේ මාර්ගයේ ගමන් කිරීම හෝ රථ වාහන ධාවනයට බාධා එල්ල කිරීම සම්බන්ධයෙන් පවතින නීති උල්ලංඝනය කිරීමේ වරදටයි.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය පැමිණි අතර උද්ඝෝෂකයින් හා පොලිසිය අතර ද උණුසුම් වචන හුවමාරුවක් හටගත්තා.

එම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු ද මැදිහත් වෙමින් පැවසුවේ; මැතිවරණයක් ප්‍රකාශ කළ අවස්ථාවක විරෝධතා පැවැත්වීම සිදු කළ නොහැකි බැවින් වහාම විසිර යාමට කටයුතු කරන ලෙසයි.

කෙසේවෙතත් ඒ පිළිබඳව තැකීමක් නොකර විරෝධතාකරුවන් ගමන් කිරීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු අත්අඩංගුවට ගැනුණා.

විරෝධතාව අතරතුර පොලිසිය විසින් කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති අයුරු දක්නට ලැබුණේ දෙපස මාර්ගයේ කඳුලු ගෑස් හා ජල ප්‍රහාරක රථ නවතා තිබීම හේතුවෙන්.

එවන් පසුබිමකදියි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව මෙලෙස අත්අඩංගුවට ගැනුණේ.

මෙම උද්ඝෝෂණය හේතුවෙන් කොටුව ඉදිරිපිට රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37