AFC Banner
Empty Ad
Empty Ad

ගීතා සජිත්ගේ පිලට එක්වෙයි (Update)

Update –
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන බවට මීට ටික වේලාවකට (09) පෙර නිල වශයෙන් දැනුම්දුන්නා.

ඒ මේ වනවිට මහනුවර නගරයේ දී පැවැත්වෙන සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැළියකට එක්වෙමින්.

———————————————————————————-

එළඹෙන ජනාධිපතිවරණයේ දී සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහගේ දේශපාලනික සහාය හිමිවන බවට තොරතුරු වාර්තා වනවා.

අද (09) පස්වරුවේ සමගි ජන සන්ධානයේ ප්‍රචාරණ රැලියක් මහනුවර ප්‍රදේශයේ දී පැවැත්වීමට නියමිත අතර ඊට රාජ්‍ය අමාත්‍යවරිය එක් වන බවටයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ.

ගීතා කුමාරසිංහ වත්මන් ආණ්ඩුවේ කාන්තා හා ළමා ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යවරිය වන අතර ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
15
+1
0
+1
0
+1
1
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?