AFC Banner
Empty Ad
Empty Ad

ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට තවත් විශේෂ දිනයක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස ලබන 14 වන සෙනසුරාදා දිනය ද නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවසුවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ඊයේ (08) දිනය ද නම්කර තිබූ අතර, ඊයේ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ සිදු කෙරුණා.

මේ අතර නිල ඡන්ද දැන්වීම්ව නොමැති ලියාපදිංචි ඡන්ද දායකයින්ට ද ලබන 21 වනදා පැවත්වෙන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

එමෙන්ම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව තාවකාලික ඡන්ද හැඳුනුම්පතක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබාගැනීමේ හැකියව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?