ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමට තවත් විශේෂ දිනයක්

එළඹෙන ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ තවත් විශේෂ දිනයක් ලෙස ලබන 14 වන සෙනසුරාදා දිනය ද නම්කර ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.

අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවසුවා.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස ඊයේ (08) දිනය ද නම්කර තිබූ අතර, ඊයේ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ සිදු කෙරුණා.

මේ අතර නිල ඡන්ද දැන්වීම්ව නොමැති ලියාපදිංචි ඡන්ද දායකයින්ට ද ලබන 21 වනදා පැවත්වෙන මැතිවරණයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව ඇති බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.

එමෙන්ම ඡන්ද විමසීමේ දී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ පහසුව සඳහා මැතිවරණ කොමිෂන් සභාව තාවකාලික ඡන්ද හැඳුනුම්පතක් නිකුත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ, අනුව එම තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පත් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ලබාගැනීමේ හැකියව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
00:47
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
02:12
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
01:35
Video thumbnail
එන්න එන්නම දරුණු වෙන ඩෙංගුව ගැන විශේෂ හෙළිදරව්වක්
06:44