AFC Banner
Empty Ad
Empty Ad

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් වූ ඔලි පොප්ගේ ශතකය

ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත නායක ඔලි පොප් ශතකයක් වාර්තා කිරීමට ඊයේ (06) සමත් වුණා.

ඔහුගේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් දිවියේ 07 වන ශතකය මෙය වන අතර, තරගයේ පළමු දිනය අවසන් වනවිට ඔහු ලකුණු 103ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.

ඔලි පොප් වාර්තා කළ මෙම ශතකයත් සමඟ වසර 147ක් පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමට ඔහු සමත් වුණා.

ඒ, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් සිය පළමු ශතක 07 ප්‍රතිවාදී කණ්ඩායම් හතකට එරෙහිව රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.

එංගලන්ත ටෙස්ට් කාණ්ඩායමේ වැඩබලන නායකයා ලෙස කටයුතු කරන ඔලි පොප් මේ වනවිට සිය පළමු ටෙස්ට් ශතක 07 ප්‍රතිවාදී රටවල් 07කට එරෙහිව රැස්කරගෙන සිටිනවා.

ඒ, අනුව ඔහුගේ පළමු ටෙස්ට් ශතක හතේ වාර්තා දැක්වෙන්නේ,

135 දකුණු අප්‍රිකාවට එරෙහිව 2020 දී (ගැභා)
145 නවසීලන්තයට එරෙහිව 2022 ජුනි මාසයේදී (නොටින්හැම්)
108 පකිස්තානයට එරෙහිව 2022 දෙසැම්බර් (රාවල්පින්ඩි)
205 අයර්ලන්තයට එරෙහිව 2023 ජුනි මාසයේදී (ලෝඩ්ස්)
196 ඉන්දියාවට එරෙහිව 2024 ජනවාරි (හයිද්‍රාබාද්)
121 බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 2024 ජූලි මාසයේදී (නොටින්හැම්)
103* ශ්‍රී ලංකාවට එරෙහිව 2024 සැප්තැම්බර් මාසයේදී (ලන්ඩන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
88
+1
8
+1
74
+1
18
+1
8
+1
7
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56
Video thumbnail
මාලිමාවේ ජන ගඟ දැක්ක හරිණි පුදුම වෙයි - "අද නුගේගොඩ හරිම ලස්සනයි"#anurakumaradissanayake #npp
07:56
Video thumbnail
මිනිහෙක්ටත් වඩා උස ගෑස් සිලින්ඩරේ ගාල්ලේ ජනපතිගේ රැළියෙන් හමුවෙයි
02:18
Video thumbnail
අන්තිම මොහොතේ හොඳම තුරුම්පුව ඇදපු මාලිමාව
11:27
Video thumbnail
අනුරට අද නුගේගොඩ සුපිරි ආරක්ෂාවක් #anurakumaradissanayake
05:00
Video thumbnail
එදා ගෝල්ෆේස් පිරෙව්වා වගේම අනුර අද නුගේගොඩ පුරවයි
04:17

?