AFC Banner
Empty Ad
Empty Ad

හිටපු ජනපති ට්‍රම්ප්ගෙන් ඊලෝන් මස්ක්ට තනතුරක්

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ (06) දින රජයේ කාර්‍යක්ෂමතා කොමිසමක් නිර්මාණය කිරීම ඇතුළු නව ආර්ථික සැලැස්මක් එළිදැක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ට්‍රම්ප් පවසන්නේ තමන් නැවත පත් වීමෙන් පසු නව ආර්ථික සැලසුම් එළි දක්වන බැවින් යෝජිත රජයේ කාර්යක්ෂමතා කොමිසමට නායකත්වය දීමට ඊලෝන් මස්ක් පත් කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක් වූ ට්‍රම්ප් කියා සිටින්නේ, සමස්ත ෆෙඩරල් ආණ්ඩුවෙහි සම්පූර්ණ මූල්‍ය හා කාර්ය සාධන විගණනයක් පැවැත්වීම සහ දැඩි ප්‍රතිසංස්කරණ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඊලෝන් මස්ක්ගේ කාර්‍යක්ෂමතා කොමිසමේ සහය ලබා ගන්නා බවයි.

ආයතනික බදු අනුපාතිකය තවදුරටත් අඩු කිරීම සහ බලශක්ති නිෂ්පාදනය ඉලක්ක කරගත් රජයේ රෙගුලාසිවලට විසඳුම් සෙවීම ඉලක්ක කරගත් යෝජනා ද ට්‍රම්ප් සිය ප්‍රකාශය තුළ ගෙනහැර දක්වා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48
Video thumbnail
AKDට නුගේගොඩ විජයග්‍රාහී අවසන් මහ රැළියේදී උණුසුම් පිළිගැනීමක් #akd #npp #anurakumaradissanayake
01:56

?