AFC Banner
Empty Ad
Empty Ad

කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් – සිසු ජීවිත 17ක් ගින්නට බිලි

මධ්‍යම කෙන්යාවේ පාසලක නේවාසිකාගාරයක ඊයේ (05) රාත්‍රියේ ඇති වූ ගිනි ගැනීමකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බියක් පවතින බවයි කෙන්යානු බලධාරීන් සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, ජනාධිපති විලියම් රූටෝ නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

පුද්ගලික ප්‍රාථමික පාසලක නේවාසිකාගාරයක මෙම ගින්න සිදුව ඇති අතර, මිය ගිය සිසුන්ගේ වයස් තවමන් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් කෙන්යාවේ ප්‍රාථමික පාසල්වල අවුරුදු 06 සිට 14 දක්වා සිසුන් සඳහා අධ්‍යාපනය ලබා දෙනවා.

කෙන්යාවේ මධ්‍යම කඳුකරයේ, නයිරෝබි නගරයට උතුරින් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?