කෙන්යාවේ පාසල් නේවාසිකාගාරයක ගින්නක් – සිසු ජීවිත 17ක් ගින්නට බිලි

මධ්‍යම කෙන්යාවේ පාසලක නේවාසිකාගාරයක ඊයේ (05) රාත්‍රියේ ඇති වූ ගිනි ගැනීමකින් සිසුන් 17 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවත් 13 දෙනෙක් බරපතළ පිලිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇති අතර, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට බියක් පවතින බවයි කෙන්යානු බලධාරීන් සඳහන් කළේ.

ගින්නට හේතුව මෙතෙක් නිශ්චිතවම අනාවරණය වී නොමැති අතර, ජනාධිපති විලියම් රූටෝ නියෝග කර ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

පුද්ගලික ප්‍රාථමික පාසලක නේවාසිකාගාරයක මෙම ගින්න සිදුව ඇති අතර, මිය ගිය සිසුන්ගේ වයස් තවමන් තහවුරු වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් කෙන්යාවේ ප්‍රාථමික පාසල්වල අවුරුදු 06 සිට 14 දක්වා සිසුන් සඳහා අධ්‍යාපනය ලබා දෙනවා.

කෙන්යාවේ මධ්‍යම කඳුකරයේ, නයිරෝබි නගරයට උතුරින් කිලෝමීටර් 150ක් පමණ දුරකින් පිහිටි මෙම පාසලේ ළමුන් 800ක් පමණ අධ්‍යාපනය ලබන බව වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03