මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට (ඡායාරූප)

මියන්මාරයේ කඳවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (20) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් බවයි ගුවන් තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.
මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත්ව කටයුතු කර තිබුණා.

මෙම පිරිස මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් ඊයේ (05) දින රාත්‍රී 11.09ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් මොවුන්ගේ තොරතුරු සටහන් කර ගෙන, පසුව ප්‍රකාශ සහ විමර්ශන සිදු කිරීමේ අපේක්ෂාව මත මොවුන් සිය නිවෙස් කරා පිටත් කර හැරීමට පියවර ගෙන තිබුණා.

IMG 20240906 WA0085
IMG 20240906 WA0083
IMG 20240906 WA0084


අපගේ නවතම වීඩියෝ පුවත්