AFC Banner
Empty Ad
Empty Ad

අධිකරණයෙන් නිදහස් කර ගොවීන්ට පැවරූ කිරි ගවයින් යළිත් පොලිසියට එයි

පොලිසිය විසින් තම භාරයට ගෙන අධිකරණ නියෝග මත කිරි ගොවියන් වෙත ලබාදෙනු ලැබූ ගවයින් තිදෙනකු යළිත් පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට පැමිණීමේ අපූරු කතාවක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ හක්මන පොලිසියෙන්.

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අණ නොතකා ධාවනය කරමින් සිටියදී කිලෝමිටර් 40ක් පමණ ලුහුබැඳ ගොස් යටියන ප්‍රදේශයේ දී ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගැනුණා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග මී ගවයින් පස් දෙනෙකු සහ එල ගවයින් අට දෙනෙකු ලොරි රථය තුළ සිටි බවයි පොලිසිය පැවසුවේ.

පසුව සැකකරුවන් අධිකරණයන් ඉදිරිපත් කර තිබූ අතර; අදාළ කිරි හා එල ගවයින් පොලිස් භූමියේ ගාල්කර අවශ්‍ය ආහාර පාන ලබා දී සත්කාර කර තිබෙනවා.

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලද නියෝග මත ඇල්ලේවෙල ප්‍රදේශයේ සිටින කිරි ගොවියන් දෙදෙනෙකු වෙත අදාළ ගවයින් පිරිස මුදාහැරීමට කටයුතු කළ යුතු බවටයි අධිකරණ නියෝගය හිමි ව ඇත්තේ.

අධිකරණ නියෝග මත මෙම කිරි ගවයින් අදාළ ගොවි මහතුන් හට ලබා දී දින දෙකකට පසු කිරි ගවයින් දෙදෙනකු සහ මී ගවයෙකු සිය කඹ ද කඩාගෙන; කිලෝමීටර් 4කට වැඩි දුරක් නැවත පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් ගේට්ටුව විවෘත කළ විට එම ගවයින් තිදෙනා මීට පෙර බැඳ තිබූ ස්ථානයට ම ගමන් කළ බවයි පොලිසිය පවසා ඇත්තේ.

මේ පිළිබඳව පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ජනතාව ද කියා සිටියේ දින ගණනාවක සිට එම සතුන්ට දක්වන ලද සත්ත්ව කරුණාව හේතුවෙන් මෙවැනි සිදුවීමක් වීමට ඉඩ ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
15
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?