අධිකරණයෙන් නිදහස් කර ගොවීන්ට පැවරූ කිරි ගවයින් යළිත් පොලිසියට එයි

පොලිසිය විසින් තම භාරයට ගෙන අධිකරණ නියෝග මත කිරි ගොවියන් වෙත ලබාදෙනු ලැබූ ගවයින් තිදෙනකු යළිත් පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට පැමිණීමේ අපූරු කතාවක් වාර්තා වනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ හක්මන පොලිසියෙන්.

බලපත්‍රයක් නොමැතිව නීතිවිරෝධී ආකාරයෙන් ගවයින් ප්‍රවාහනය කළ ලොරි රථයක් අණ නොතකා ධාවනය කරමින් සිටියදී කිලෝමිටර් 40ක් පමණ ලුහුබැඳ ගොස් යටියන ප්‍රදේශයේ දී ඉකුත් 15 වැනිදා අත්අඩංගුවට ගැනුණා.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු සමග මී ගවයින් පස් දෙනෙකු සහ එල ගවයින් අට දෙනෙකු ලොරි රථය තුළ සිටි බවයි පොලිසිය පැවසුවේ.

පසුව සැකකරුවන් අධිකරණයන් ඉදිරිපත් කර තිබූ අතර; අදාළ කිරි හා එල ගවයින් පොලිස් භූමියේ ගාල්කර අවශ්‍ය ආහාර පාන ලබා දී සත්කාර කර තිබෙනවා.

දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලද නියෝග මත ඇල්ලේවෙල ප්‍රදේශයේ සිටින කිරි ගොවියන් දෙදෙනෙකු වෙත අදාළ ගවයින් පිරිස මුදාහැරීමට කටයුතු කළ යුතු බවටයි අධිකරණ නියෝගය හිමි ව ඇත්තේ.

අධිකරණ නියෝග මත මෙම කිරි ගවයින් අදාළ ගොවි මහතුන් හට ලබා දී දින දෙකකට පසු කිරි ගවයින් දෙදෙනකු සහ මී ගවයෙකු සිය කඹ ද කඩාගෙන; කිලෝමීටර් 4කට වැඩි දුරක් නැවත පොලිස් ස්ථානයේ ගේට්ටුව අසලට පැමිණ ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් ගේට්ටුව විවෘත කළ විට එම ගවයින් තිදෙනා මීට පෙර බැඳ තිබූ ස්ථානයට ම ගමන් කළ බවයි පොලිසිය පවසා ඇත්තේ.

මේ පිළිබඳව පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ජනතාව ද කියා සිටියේ දින ගණනාවක සිට එම සතුන්ට දක්වන ලද සත්ත්ව කරුණාව හේතුවෙන් මෙවැනි සිදුවීමක් වීමට ඉඩ ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09