අනුරගේ අත්සනින් යුතුව සැරිසරන ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයෙන් නියෝගයක්

ජාතික ජන බලවේග රජයක් යටතේ කිසිදු ආගමකට ප්‍රමුඛත්වයක් නොමැති බවට හා සියලු ආගම් රජයෙන් වෙන් කරන බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට අද (04) නියෝග කර තිබෙනවා.

අප අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ; එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළ බවයි.

ඉකුත් 24 වැනි දින මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී ජාතික ජන බලවේගය සංවිධායකත්වයෙන් පවත්වන ලද සඟ සමුළුවක දී කිසිදු ආගමකට එම රජය යටතේ ප්‍රමුඛත්වයක් ලබා නොදෙන බවට හා සියලු ආගම් එම රජයෙන් වෙන් කරන බවට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සම්මත කරගෙන ඇති බවට සඳහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් ව්‍යාජ ලිපියක් සමාජ මාධ්‍ය ජාලා හරහා ප්‍රචාරය කර ඇති බවට සුනිල් හඳුන්නෙත්ති මහතා තම අංශය වෙත පැමිණිලි කර ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දන්වා තිබෙනවා.

එසේ සම්මත කරගන්නා ලද ප්‍රතිපත්ති ප්‍රකාශයේ පිටපත් සියලුම මාධ්‍ය ප්‍රධානීන්ට හා මාධ්‍ය ආයතනවල කතුවරුන්ට යොමු කර ඇති බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශයක් සම්මත කරගත් බවට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරතුර දී විකාශය වූ බවට එම ව්‍යාජ ලිපියේ සඳහන් වන බව ද එම නිලධාරීහු අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් ආරම්භ කර අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට එම නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
8
+1
63
+1
5
+1
4
+1
6
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08