විද්‍යාපීඨ 19 ම එක් කරමින් නව අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් ඉදිරියේ දී

මෙරට පිහිටි විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කරමින් නව අධ්‍යාපන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ ගැසට් නිවේදනය ලබන සතියේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අද (04) පාර්ලිමේන්තු සභා වාරයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ; ඊට අදාළ කෙටුම්පත මේ වනවිට නීතිපතිවරයා හට යොමු කර ඇති බවත්; එහි නිෂ්කාශන කටයුතු අවසන් කර ලබන සතියේ දී ලැබෙනු ඇති බවයි.

ඉන් පසුව එම කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්; කැබිනට් අනුමැතියෙන් පසුව ගැසට් කිරීමට යොමු කරන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර රජයේ පාසල්වල මේ වනවිට ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සංවර්ධන නිලධාරීන්ව ගුරු සේවයට බඳවා ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පූර්ණ එකඟතාව හිමි ව තිබෙනවා.

ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ එම සංවර්ධන නිලධාරීන් පිරිස අභ්‍යාසලාභීන් ලෙස බඳවාගෙන ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරගන්නා ලෙසට ජනාධිපතිවරයා දැනුම්දී ඇති බවයි.

රජයේ පාසල්වල දැනටමත් ගුරුවරුන් ලෙස සේවයේ නියුක්තව සිටින සියලුම සංවර්ධන නිලධාරීන් ගැන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මතය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත එවා තිබුණ ද; ඊට අමාත්‍ය මණ්ඩලය ලෙස එකඟත්වය ලබා නොදුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

නමුත් පසුව ජනාධිපතිවරයා මීට එකඟත්වය ලබා දුන් බවත්; 16,000ක සංවර්ධන නිලධාරීන් කණ්ඩායම අභ්‍යාසලාභීන් ලෙස ගුරු සේවයට අන්තර් ග්‍රහණය කිරීම සිදු කළ යුතු බවටත් ජනාධිපතිවරයා අවසරය ලබා දී තිබෙනවා.

ඊට හේතුව වන්නේ එම පිරිස වසර 05ක කාලයක් පාසල්වල පුහුණු වීම හේතුවෙන් කාර්‍යාලවලට අනුයුක්ත කිරීමෙන් ඵලක් නොමැති බවත්; ඔවුන් හට ගුරු පුහුණුව ලබා දී පාසල් තුළ තබා ගැනීම සුදුසු බවයි එකඟ වී ඇත්තේ.

මෙම ක්‍රියාවලිය සම්පූර්ණ වන විට ගුරු වර්ග අනුව පුරප්පාඩු සංඛ්‍යාවක් තියෙනවා මිසක 25,000ක පුරප්පාඩු ඇති නොවන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
6
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?