ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට නිර්දේශ ලැබී ඇත්තේ මෙහෙමයි

රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ, අනුව 2025 ජනවාරි 01 වනදා සිට රාජ්‍ය‍ සේවයේ මූලික වැටුප, පහළම ශ්‍රේණි සඳහා අවමය 24% කින් හා ඊට අනුරූපීව සියළුම රාජ්‍ය සේවා වෘත්තිකයින් සඳහා 24% සිට 50% ට වැඩි අගයක් දක්වා වූ මූලික වැටුප ඉහළ නැංවීමට නියමිතයි.

ඒ, අනුව, කාර්යාල කාර්ය සහායක සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 5,450කින්, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 8,760ක් හා පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 10,950කින් වැටුප් වැඩිවීම සිදුවනවා.

එම සේවයේ විශේෂ ශ්‍රේණියේ වැටුප රුපියල් 13,980කින් ඉහළ නැංවෙනවා.

එමෙන්ම රියදුරු සේවයේ තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 6,960කින් ඉහළ දමා ඇති අතර,රියදුරු සේවයේ දෙවන ශ්‍රේණියේ වැටුප රුපියල් 9,990කින් වැඩිවන අතර, පළමු ශ්‍රේණියේ වැඩිවීම රුපියල් 13,020කින් සහ විශේෂ ශ්‍රේණිය සඳහා රුපියල් 16,340ක් ලෙස වැටුප් වැඩිවීම සිදුවනවා.

තවද සමෘද්ධි සංවර්ධන නිලධාරී තුන්වන මට්ටම සඳහා වැටුප රුපියල් 8340කින්ද, දෙවන ශ්‍රේණියට රුපියල් 11,690කින් සහ පළමු ශ්‍රේණියට රුපියල් 15,685කින් ද වැටුප් වැඩිවනු ඇති.

මේ අතර කළමනාකරණ සේවා නිලධාරී/ කළමනාකරණ සහකාර තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 10,140කින් වැඩිවන අතර, එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 13,490කින් ද පළමු ශ්‍රේණියේ වැටුප රුපියල් 17,550කින්ද වැඩි වීමට නියමිතයි.

එසේම සංවර්ධන නිලධාරී තුන්වන ශ්‍රේණියට රුපියල් 12,710ක වැටුප් වැඩිවීමක් හිමි වන අතර, දෙවන ශ්‍රේණියට රුපියල් 17,820ක් සහ පළමු ශ්‍රේණියට රුපියල් 25,150ක වැටුප් වැඩිවීමක් සිදුවනවා.

මහජන සෞඛ්‍ය පරික්ෂක හා පවුල් සෞඛ්‍ය සේවිකා තුන්වන ශ්‍රේණිය සඳහා වැටුප් රුපියල් 12,885කින් වැඩි වන අතර, එහි දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 17,945ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 25,275ක වැටුප් වැඩිවීම සිදුවනු ඇති.

විකිරණවේදී සහ ඖෂධවේදී තුන්වන ශ්‍රේණියට සිදුවන වැටුප් වැඩිවීම රුපියල් 13,280ක් සහ එහි දෙවන ශ්‍රේණියට රුපියල් 18,310ක් සහ පළමු ශ්‍රේණිය වෙනුවෙන් රුපියල් 25,720කින් වැටුප් වැඩිවීමක් හිමිවනවා.

තවද හෙද නිලධාරී තුන්වන ශ්‍රේණියේ වැටුප රුපියල් 13,725කින් වැඩි කිරීමට නිර්දේශ වී ඇති අතර, දෙවන ශ්‍රේණිය සඳහා රුපියල් 18,835කින් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 26,165ක වැටුප් වැඩිවීමක් හිමි වනු ඇති.

තව ද විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණිය සදහා රුපියල් 23,425කින් වැටුප් වැඩිකිරීමටත්, එහි දෙවන ශ්‍රේණියට රුපියල් 29,935ක් හා තුන්වන ශ්‍රේණියට රුපියල් 39,595ක වැටුප් වැඩි කිරීම සිදුවනවා.

ගුරු සේවයේ විද්‍යාපීඨ ගුරුවරුන් සඳහා රුපියල් 17,480ක වැටුප් වැඩිවීමක් හිමිවනවා.

උපාධිධාරී ගුරුවරුන් සඳහා රුපියල් 19,055ක වැටුප් වැඩිවීමක් ද, දෙවන ශ්‍රේණිය සඳහා රුපියිල් 20,425ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 38,020කින් වැටුප් වැඩි වීම සිදුවනවා.

පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප් රුපියල් 10,740 කින් වැඩි වන අතර, පොලිස් සැරයන්වරයෙකුගේ වැටුප් වැඩිවීම සිදුවන්නේ රුපියල් 13,210කින්.

එසේම උප පොලිස් පරික්ෂකවරුන්ගේ වැටුප රුපියල් 14,050කින් වැඩිවන අතර, පොලිස් පරික්ෂකවරයෙකුගේ වැටුප රුපියල් 18,290කින් වැඩිවනවා.

එමෙන්ම ප්‍රධාන පොලිස් පරික්ෂවරයෙකුගේ වැටුප රුපියල් 23,685කින් වැඩි වීමට නියමිතයි.

ග්‍රාම නිලධාරී පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 11,340 කින් ද එම සේවයේ දෙවැනි ශ්‍රේණිය සඳහා රුපියල් 14,690ක් සහ පළමු ශ්‍රේණිය සඳහා රුපියල් 18,750කින් වැටුප් වැඩිවනවා.

පරිපාලන ග්‍රාම නිලධාරියෙකුගේ වැටුප ද රුපියල් 23,575කින් වැඩි වන අතර, සහකාර ලේකම්, සහකාර අධ්‍යක්ෂ, ගණකාධිකාරී, සහකාර ප්‍රාදේශීය ලේකම් සහ සහකාර කොමසාරිස් යන තනතුරු සඳහා වැටුප රුපියල් 28,885කින් වැඩි වනවා.

නියෝජ්‍ය අධ්‍යක්ෂ හා නියෝජ්‍ය කොමසාරිස්වරුන්ගේ ආරම්භක වැටුප රුපියල් 43,865කින් ඉහළ නැංවීමට නියමිත අතර, ප්‍රාදේශීය ලේකම්, අධ්‍යක්ෂ, කොමසාරිස් හා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් යන තනතුරු සඳහා වැටුප් රුපියල් 57,545කින් වැඩිවනු ඇති.

එමෙන්ම ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප රුපියල් 35,560කින් ද දෙවන ශ්‍රේණියේ වෛද්‍යවරුන්ගේ වැටුප 39,575කින් වැඩිවනවා.

පළමු ශ්‍රේණියේ වෛද්‍යවරුන් වෙනුවෙන් රුපියල් 53,075ක වැටුප් වැඩි වීමක් සහ අතිරේක ලේකම් සහ විශේෂඥ වෛද්‍ය යන තනතුරුවල රුපියල් 70,200කින් වැටුප ඉහළ නැංවීමට නියමිතයි.

මීට සමගාමීව වසරක් පාසා සියලුම රාජ්‍ය සේවකයින්ට හිමිවන සියලු වැටුප් වර්ධක අගයන් දෙගුණ කිරීමට ද නිර්දේශ වී තිබෙනවා.

එමෙන්ම රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන, විශ්වවිද්‍යාල සහ ත්‍රිවිධ හමුදාව සඳහා ද ඉහත ආකාරයටම 2025 ජනවාරි 01 වනදා සිට වැටුප් වැඩිකිරීමට කටයුතු යොදා ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38