විදෙස් දුම්වැටි ලක්ෂ 30ක් විනාශ කරයි

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙම වසරේ මුල් මාස 06ක කාලය තුළ  මෙරටට රැගෙන ඒමට තැත් කළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් විනාශ කිරීම අද (01) සිදු කෙරුණා.

රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක් මෙලෙස විනාශ කිරීමට කටයුතු කර තිබුණා.

පාරිසරික ආරක්ෂාව මුල්කර ගත් ජාතික නීතිරීතිවලට අනුකූලව, දැඩි රෙගුලාසි යටතේ, කොළඹ දුම්කොළ සමාගම් පරිශ්‍රයේ දී මෙම දුම්වැටි තොගය විනාශ කරනු ලැබුවා

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, ඉන්දියාව , කාම්බෝජය සහ චීනය වැනි රටවල්වලින් නීතිවිරෝධී ලෙස මෙරටට රගනේ ආ විවධ සන්නම් නාමයන්ගෙන් යුත් දුම්වැටි ලක්ෂ තිහක් මෙලෙස විනාශකර තිබෙනවා.

ගුවන් මගීන් යොදාගෙන මෙම දුම්වැටි රට තුළට රැගෙන ඒමට තැත් කර තිබූ අතර, රේගු ආඥා පනත යටතේ මෙම ජාවාරම්වලට සම්බන්ධ ගුවන් මගීන්ට දඩුවම් නියම කර ඔවුන් රැගෙන ඒමට තැත් කළ දුම්වැටි රාජසන්තක කිරීමට පියවර ගෙන තිබුණා.

එලෙස 2024 වසරේ පළමු මාස 06 තුළ රාජසන්තක කළ දුම්වැටි තොගයකුයි මෙලෙස විනාශ කරනු ලැබුවේ.

මෙම දුම්වැටි තොගය කෙසේ හෝ ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන ගියේ නම් ඉන් රජයට අහිමිවන බදු ආදායම රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක එකතු වෙන්න දෙයක් නෑ එකතුවෙලා ඉන්නේ - 2029යේ ජනපති සජිත් ප්‍රේමදාස
02:39
Video thumbnail
චාමර, පූජිත් සහ හේමසිරි ගැන කට අරියි - " මාලිමා වේදිකාවට නැග්ගනම් නඩු වැටෙන්නේ නෑ"
01:28
Video thumbnail
මාදම්පේ කොහු කර්මාන්ත ශාලාවක හදිසියේම ඇතිවූ ගින්න - මෙන්න නවතම දර්ශන
01:08
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ
01:10
Video thumbnail
ජන වරමට හිස නවන්න බෑනේ - ආණ්ඩුව කරන්නේ අධිකරණයට බලපෑම් කිරීමක්
03:55
Video thumbnail
ම#ණ දඬුවමට එරෙහිව හිටපු පොලිස්පති පූජිත්ගෙන් අභියාචනයක් - නීතිඥයා මාධ්‍යට කියූ දේ
01:50
Video thumbnail
මීගමුවේ බෝට්ටු අනතුරේ නවතම තත්ත්වය මෙන්න - ධීවර අධ්‍යක්ෂකගෙන් හෙළිදරව්වක්
04:50
Video thumbnail
ශානි හා රවී ඒකාලයේ තමන්ට ලැබුණු උපදෙස් අනුව කටයුතු කළා - ප්‍රශ්නයක් තියෙනවනම් අධිකරණයට යන්න
02:21
Video thumbnail
කටාන ප්‍රදේශයේ මහ රෑ රේස් පදින කොල්ලෝ - මෙන්න වීඩියෝවක් එළියට එයි
01:44
Video thumbnail
රවී, ශානි දෙන්නාට හේමසිරි, පූජිත්ට වඩා ම#ණ දඬුවම දෙන්න පුළුවන් වරදක් කරලා ?
03:03