AFC Banner
Empty Ad
Empty Ad

ගත වූ මාස අටට ඩෙංගු රෝගීන් 36,642ක් – මරණ 17ක්

මෙම වසරේ ගත වූ මාස 08 තුළ ඩෙංගු රෝගීන් 36,642 දෙනෙක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

වෛද්‍යවරයා සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 17ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර ගත වූ අගෝස්තු මාසය තුළ ඩෙංගු රෝගීන් 3897ක් වාර්තා වී ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එය ජුලි මාසයට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කරන බවයි පැවසුවේ.

මෙම වසරේ ජුලි මාසයේ දී රටපුරා ඩෙංගු රෝගීන් 4506ක් වාර්තා වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඉහළ ඩෙංගු අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක පහක සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අද (02) දිනයේ සිට 04 වනදා දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?