ගත වූ මාස අටට ඩෙංගු රෝගීන් 36,642ක් – මරණ 17ක්

මෙම වසරේ ගත වූ මාස 08 තුළ ඩෙංගු රෝගීන් 36,642 දෙනෙක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

වෛද්‍යවරයා සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 17ක් වාර්තා වී ඇති බවයි.

මේ අතර ගත වූ අගෝස්තු මාසය තුළ ඩෙංගු රෝගීන් 3897ක් වාර්තා වී ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර එය ජුලි මාසයට සාපේක්ෂව අඩුවීමක් පෙන්නුම් කරන බවයි පැවසුවේ.

මෙම වසරේ ජුලි මාසයේ දී රටපුරා ඩෙංගු රෝගීන් 4506ක් වාර්තා වී ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ඉහළ ඩෙංගු අවදානමක් ඇති බවට හඳුනාගෙන ඇති දිස්ත්‍රික්ක පහක සහ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අද (02) දිනයේ සිට 04 වනදා දක්වා විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39