කුලියාපිටියේ නිවසක් තුළ තරුණ පියෙක් ඝාතනය කරලා

කුලියාපිටිය, රත්මලේවත්ත ප‍්‍රදේශයේ නිවසක් තුළ ඊයේ (31) රාත්‍රියේ පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 31 හැවිරිදි වියේ පසු වූ අයෙක්.

මෙම පුද්ගලයා කුලියාපිටිය, ගලහිටියාව ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඉසංක දමිත් රාජපක්‍ෂ නැමැති එක්දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

මොහුට එරෙහිව කුලියාපිටිය අධිකරණයේ මිනීමැරුම් නඩුවක් ඇතුළු නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කළා.

කුලියාපිටිය කාර්මික විද්‍යාල භූමියේ ඊයේ (31) පැවැති සංගීත ප‍්‍රසංගයක් නැරඹීමට යෑමට පෙර මොහු ඇතුළු තවත් කිහිපදෙනෙක් රත්මලේවත්ත ප‍්‍රදේශයේ නිවසක මත්පැන් සාදයක් පවත්වා තිබෙනවා.

එහිදී ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික පොලිස් පරීක්‍ෂණවල දී හෙළිවී ඇත්තේ.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනය සඳහා අත් පොරවක් භාවිත කර තිබූ බවයි.

ඝාතනය සම්බන්ධව සැකපිට එම නිවසේ මත්පැන් සාදය අතරතුර පැමිණ ඇති බව කියන අයෙකු සහ නිවැසියන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෘත ශරීරය පිළිබඳව මූලිකමහේස්ත‍්‍රිත් පරීක්‍ෂණය කුලියාපිටිය වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා විසින් සිදුකළ අතර, එහිදී නියම කෙරුණේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සදහා කුලියාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?