රිය අනතුරකින් අලි පැටවෙකුට බරපතළයි (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මීඔය පාලමට ඔබ්බෙන් අද (01) අලුයම අලි පැටවෙකු වාහනයක ගැටී තිබෙනවා.

වාහනයේ ගැටුන වන අලි පැටවා දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවයි පරික්ෂණ පවත්වන කරුවලගස්වැව වන ජීවි ඒකකයේ නිලධාරීන් සඳහන් කරන්නේ.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ තබ්බෝව අභය භූමියේ සැරිසරන අලි රංචුවක සිටි අවුරුදු හතරක් පමණ වයසැති කුඩා අලි පැටවෙක්.

අනතුරෙන් අලි පැටවාගේ පිටුපස කකුල් දෙකටම බරපතළ තුවාල සිදුව තිබෙනවා.

අනතුර සිදු කල වාහනය පලාගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශණයක් ආරම්භ කරන බව එම නිලදාරීන් පැවසුවා.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ ස්ථාන කිහිපය දී මීට පෙරද මෙලෙස වන අලි වාහන වල ගැටීමෙන් අනතුරු නිරන්තරයෙන් වාර්තා වන බවත්, මෙම මාර්ගයේ රාත්‍රි කාලයේ වල් අලි බහුල වශයෙන් ගැවසෙන බවත්, එම නිලධාරීන් සඳහන් කරනවා.

පලා ගොස් ඇති වාහනය කඩිනමින් සොයා ගැනීමට කටයුතු සිදුකරන බවයි එම නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ

el 01
el 02


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17